ශ්රී ලංකාවේ ජන ගී හා ජන කවි පැවත එන්නේ දුරාතීතයේ පටන්ය. ඇරඹුනේ කවදාද..නිමැවුනේ කවුරුන් විසින්ද යන්න කොතැනක හෝ සටහන්ව නැතත් අප ආදි හෙළයන් තම වෙහෙස හා කාන්සිය නිවා ගන්නට ගැයූ කවි අද ජන කවි බවට පත්ව තිබේ.හෙළයාගේ ප්රධාන ජීවනෝපාය වන ගොවිතැනට සම්බන්ධ වූ ජන කවි රැසකි. පැළ නෙලුමට
නෙළුම් කවි ගැයූ ඔවුහු කරල් කපන දා ගොයම් කවි ගැයූහ.හේන් ගොවිතැනේ දී කුරහන් කවිද, පැලේ
රාත්රිය ගෙවූ පාලුව නසන්නට පැල් කවිද ගැයූහ.ගැල් පුරවාගෙන ගමින් ගමට යන
ගමනේදී රාත්රිය ගෙවුනේ කරත්ත කවි ගයමිනි. දිය පහර දිගේ පාරුව පදිද්දී ඔවුනගේ මුවින් ගැයුනු කවි පද වැල් අද පාරු කවි ලෙස අපි ගයන්නෙමු.මිනිරන් පතලේ හෙළන සුසුම වේදනාව
පිරුනු පතල් කවිය ඇසෙද්දී අදද අප දෑසට කදුලු බිදු මතු කරයි.මවකගේ මුවින් ගැයෙන දරු නැළවිලි ගීයක රිද්මය කුඩා පුතු නිදි ලොවට කැදවා යයි.මේ සියල්ල අපටම උරුම වූ අපේ ජන කවියේ අභිමානයයි.
අප පැරැන්නන්ගේ මුවින් ගැයුනු ජන කවියක හඞ සොයා අන්තර්ජාලය පිරික්සුවෙමි. හමුවූ සියල්ලම ඇත්තේ නව සංගීතය මුසුකොට නිමැවූ නව නිර්මාණ ලෙසය. අප මුතුන් මිත්තෝ වයලීන, සිතාර, බෙර වයමින් ජන කවි නොකීවෝය. හේනේ පැලේ, කරත්තයේ පාලුව මකන්නට ඔවුන් කවියක් කීවේ ඔවුනගේ ම කටහඞිනි. එවැනි හඞක් අන්තර්ජාලයේ නොවීම මහත් අඩුවකි. මෙම වෙබ් අඩවියේ පරමාර්ථය පැරණි හඞින් ගැයුනු ජන කවියක රසය අනාගත පරපුරට උරුම කර දීමය....
Sri Lankan folk songs..
Sri Lankan folk songs which is known as “JANA
GEE” or “JANA KAVI” has been originated
during our olden times by our Sinhalese ancestors.These Sinhalese villagers
used to sing these folk songs while they used to work in paddy fields specially
in the night, and plumbago mines and also while rowing boats, while
transporting goods in bullock carts.These folk songs were spontaneous feelings
which arose in the villagers simple minds, which explained their tiredness and
interest in work and so on… Even the mothers used to sing lullabies for their
children to sleep. All these ideas and words came from their hearts. Jana Gee (folk songs) has played an
important role in the cultural development of the Sri Lankan society. Jana Gee was also an
extension of our Sinhalese language, it had the ability of expressing emotions
and feelings that couldn’t be told just in words.Folk music represents a higher
emotion we all have towards our cultural heritage, our collective history and
our land where our forefathers were born and nourished. Sri Lankan folk poems
were always unique.
Subscribe to:
Posts (Atom)
හෙළ ජන ගී බිහිවූ අයුරුත්, ඒවා එදා පටන් අද දක්වා පවත්වාගෙන ඒමේදී ඇතිවූ වෙනස් කම්ද විස්තර කරමින්, හෙළ ජන ගී ගායනා කළ යුතු නිසි ස්වර, තාල යනාදිය ශාස්ත්රීය ලෙස විස්තර කෙරෙන අපූරු සාකච්ඡාවකි මෙය. ශ්රී ලංකාවේ අග්රගණ්ය ජනගී ගායිකාවක වන දිමිත්රා රත්නායක මහත්මිය හෙළ ජන ගී වෙබ් අඩවිය වෙනුවෙන්ම මෙම සාකච්ඡාවට සහභාගි විය. ඇය ජන ගී මෙන්ම, විරිදු,නූර්ති ගී ගායිකාවක ලෙස ද සරල ගී ගායිකාවක ලෙසින් ද ප්රකටය.